(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ලොතරැයි ආයතන දෙක වන ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයියක මිල සියයට 100 කින් හෙවත් දෙගුණයක් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 20 කට අළෙවි කරන ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති අතර එම මිල වැඩිවීම ලබන ජූලි මස 6 වැනිදා ක්‍රියාත්මක වේ.

